එකමුතුව ඡන්දයට මුහුණ දෙන්න එජාපය ලෑස්තියි

- Sunday, September 22, 2019
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස නිල චාරිකාව සඳහා ඉකුත් සඳුදා මාලදිවයින බලා පිටත් වූහ. එහිදී එරට නායකයින් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා සාර්ථකව නිම කළ අගැතිවරයාට අනතුරුව
එරට පාර්ලිමේන්තුව අමතා විශේෂ කතාවක් කිර්මට ද ආරාධනා ලැබිණ. වජිර අබේවර්ධන, රවුෆ් හකීම්, දයා ගමගේ හා අනෝමා ගමගේ ඇතුළු මැති  ඇමැතිවරුද නිල දූත පිරිසට අයත් වූහ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළව ඉදිරිපත්ව තිබූ පෙත්සමේ තීන්දුව ලැබුණේද ඒ ඡන්දය ඔක්තෝබර් 11 වැනිදාට නියම වූ බව ද අගමැතිවරයාට අරලියගහ මැදුරෙන් දැන්වූයේ මාලදිවයිනේ සංචාරය අතරය. එහිදී ඇමැති වජිර සමඟ මෙන්ම සෙසු ඇමැතිවරුන් සමඟ ද කතා කළ අගමැතිවරයා දුරකථන මගින් බෙතර-ඇල්පිටිය එජාප සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක සමඟ ද ඊට අදාළව කතා කළේය.

 

Start typing and press Enter to search