ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අදින් ඇරඹෙයි

- Thursday, September 19, 2019
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙනවා.ඊට අදාළ නිවේදනය ඊයේ රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම ඔක්තෝමිබර් මස වනදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා සිදු කෙරෙනු ඇති.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට අද සිට ඔක්තෝම්බර් මස 6 වනදා දහවල් 12 be දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව සැළසෙනවා.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සම්බන්ධයෙන් විරෝධතා භාරගැනීම ඔක්තෝම්බර් මස 7 වන දින පෙරවරු 11.30 දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. .පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකු රුපියල් පනස් දහසක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර, ස්වාධීන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් හැත්තෑපන්දහසක්.

මෙවර ජනාධිපතිවරණය 2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව පැවැත්වෙන අතර, ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එකෝටි පනස් නවල අනූ දෙදහස් අනූ හයක්.
මේ අතර පසුගිය 9 වන සඳුදා මැතිවරණ කොමිසන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ 17 කින් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ස්වාධීනව තරග කරන බවට දැනුවත් කර ඇති බවයි.

 

Start typing and press Enter to search