ශ්‍රීලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා - එජනිස මහ ලේකම් මහින්ද අමරවීර

- Sunday, September 22, 2019
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර  ගොඩනගන සන්ධානය පිළිබඳ සාකච්ඡා සතියක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

එම කාලය තුළ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව කී අමරවීර මහතා සියලූ සාකච්ඡාවට සුබවාදී ලෙස අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඊයේ (18 දා) ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

මේ වන විට දෙපාර්ශ්වයේම ප‍්‍රතිපත්ති සමාන වුවද ලකුණ සම්බන්ධයෙන් පැන නැගී ඇති ප‍්‍රශ්නය පිළිබඳව පොදු ලකුණක් ඒ සඳහා භාවිත කළ යුතු බවට ශ‍්‍රී. ල. නි. පක්ෂය අවසන් වරට පැවැත් වූ සාකච්ඡාවේදී දැනුම් දුන් බවත් ඒ පිළිබඳව ඔවුන් ගන්නා තීරණය ඉදිරි සාකච්ඡා වටයේදී දැනුම් දීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.

අවසන් මොහොත තෙක් දෙපාර්ශ්වය අතර සන්ධානයක් ගොඩනැ`ගීමට උපරිම උත්සාහයක් ගැනීමට ශ‍්‍රී. ල. නි. පක්ෂය  සූදානම් බව කී අමරවීර මහතා අවසානයේ සන්ධානය ගොඩනැ`ගීමට නොහැකි වුවහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් බොහෝ දුරට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බවද කීවේය.

එහෙත් නැවත කිසිවිටෙක එක්සත් ජාතික පක්‍ෂය හා සන්ධාන ගොඩනැ`ගීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කටයුතු නොකරන බව ද දැනටමත් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ දී වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් සම්මත කර තිබෙන බවද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
-අරුණ බෝගහවත්ත-

 

Start typing and press Enter to search